ආනයන සීමා කිරීම නිසා දේශිය නිෂ්පාදන ඇරඹිමේ අවස්ථාව උදාවෙලා – ජනපති

මෑතක් වන තුරුම සිදු කරන ලද අත්‍යවශ්‍ය නොවන ආනයන, දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අරමුණින් මේ වන විට සීමා කර ඇති නිසා ක්‍ෂේත‍්‍ර රැසක දේශිය නිෂ්පාදන ඇරඹීමේ අවස්ථාව මේ වන විට උදා වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එමෙන්ම දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ ජයගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වත්මන් අභියෝගය බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ඊයේ (22) පස්වරුවේ ක්‍ෂේත‍්‍ර රැසක කර්මාන්තකරුවන් පිරිසක් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළා.
රට තුළ නිෂ්පාදනය කරන සෑම භාණ්ඩයකම හා සපයන සෑම සේවාවකම ගුණාත්මකභාවය ඉහළ මට්ටමකින් පවත්වාගැනීමට සහ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුගතවීමට ද උත්සාහය කළයුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහිදී පෙන්වා දී ඇත්තේ.

කර්මාන්තකරුවා නගා සිටුවීමට රාජ්‍ය යාන්ත‍්‍රණයේ සියලූ ආයතන පෙළගස්වා ඇති බවත් තනි අංක පොලී අනුපාතයකට බැංකු ණය සම්පාදනය අරඹා ඇති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඉදිරි මාස කිහිපය තුළ මෙරට නිෂ්පාදනය කෙරෙන කොස්ස, ඉදලේ සිට බෙහෙත් පෙත්ත දක්වා දේශීය නිෂ්පාදන වර්ධනය කරමින් ඒවායේ ප‍්‍රතිඵල පෙන්වීම කර්මාන්තකරුවාගෙන් තමා අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *