ආණ්ඩුව හිතපු සංචාරකයො ආවෙ නෑ

ආණ්ඩුව බලාපොරොත්තු වූ සංචාරකයන් ප්‍රමාණය මේ අවුරුද්දේ දී ගෙන්වා ගැනීමට අපොහොසත් වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී කීවාය.

වර්තමාන සංචාරක කර්මාන්තයට නිසි තැනක් ලැබී තිබේදැයි ප්‍රශ්නයක් තිබෙනවා.මේ වසරේ සංචාරකයන් මිලියන තුනක් අප රටට ගෙන්වීමට ආණ්ඩුවට ඉලක්කයක් තිබුණත් අද වන විට සංචාරකයන් පැමිණ තිබෙන්නේ මිලියන 1.9ක් පමණයි.

මේ ඉලක්කය සපුරා ගන්නට නොහැකි වීමට කරුණු කීපයක් බලපා තිබෙනවා. ඕනෑම රටක සංචාරක කර්මාන්තයේ දියුණු කිරීම සඳහා සන්නාමකරණයක් ක්‍රියාත්මක වෙනවා.මේ අනුව රටවල්වල සංචාරක කර්මාන්තය දෙගුණ,තෙගුණ කිරීමට හැකි වුණා.එවැනි සංචාරක කැම්පේන් එකක් දියත් කිරීමට ලංකාව අසමත් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ හෝටල් හිමියන් අප්‍රසාදය පළ කර තිබෙනවා.රටට වැඩිම විදේශ සංචාරකයන් එන්නේ නොවැම්බර්- දෙසැම්බර් මාස වල.මේ මාසයේ සංචාරකයන් 32000ක් පැමිණියත් මිලියන තුනක ඉලක්කය සපුරා ගන්නට නොහැකි වී තිබෙනවා.2018 වසරේ සංචාරකයන් මිලියන පහක් ලංකාවට ආවා යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *