ආණ්ඩුවේ යෝජනාව ‘සීනි තැවරූ විෂ ගුලියක්’ – ගම්මන්පිල

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ආණ්ඩුවේ යෝජනාව පැහැදිළිවම ‘සීනි තැවරූ විෂ ගුලියක්’ බවත් විපක්‍ෂයට ආකර්ෂණිය සටන් පාඨයක් වන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඉදිරියට ගෙනවිත් පුංචි ඡන්දයට සහ පළාත් සභා ජදන්යට කළ දේම ජනාධිපතිවරණයට කිරීම අරමුණ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (13) පැවසීය.

කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ(13) පැවැති මාධ්‍ය හමුවේදී එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය.

එය එසේ වුවහොත් ඡන්දයෙකින් ආණ්ඩු වෙනසක් කිරීමට පුන පුනා බලා සිටින ජනතාව රැවටීමක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ක්‍ෂය වැනි විපපක්‍ෂයේ පක්‍ෂ මේ වන විටත් එයට කැමැත්ත පළකර ඇති බවත් ඒ මහතා කීය.

කථා නායකවරයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණා යැයි ජනාධිපතිවරයාට දැනුම් දුන් විට ජනමත විචාරණයට යොමු කළ යුතු බවත් ජනමත විචාරයෙන් ජනතාව එය සම්මත කළහොත් ජනාධිපතිවරයා එම තීන්දුව සහතික කිරීමෙන් පසුව එය රටේ නීතිය බවට පත්වන බවත් මන්ත්‍රීවරයා කීය.

එම ජනමත විචාරණයේ ප්‍රතිඵලය කවුරුන් හෝ අභියොග්යට ලක්කළ හොත් එනම් ආණ්ඩුවම ඔවුන්ගේ කෙනෙක් හරහා අධිකරණයට ගියොත් එම නඩුව අවසන් වන තෙක් විධායක ජනාධිපති ධුරය අහෝසි නොවන්නාක් මෙන්ම ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බව ද උදය ගම්මන්පිල මහතා වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *