ආචාර්‍ය නදීශා අගමැතිනිය හමු වෙයි

බුද්ධිමය දේපළ, නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආයතනය වන ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් පැවැත්වූ 2025 WIPO සම්මාන උළෙලේ  “බුද්ධිමය දේපළ සඳහා වූ ගෝලීය සම්මානයෙන්”  පිදුම් ලැබූ ආචාර්‍ය නදීශා චන්ද්‍රසේන  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය   හමුවිය.

ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය හේතුවෙන් අවහිර වන විවෘත කාණු පද්ධති සඳහා විසඳුමක් ලෙස ආචාර්ය නදීශා විසින් නිමවන ලද ස්මාර්ට් කාණු පද්ධති සංකල්පය  ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවති WIPO සම්මාන උළෙලේ දී රටවල් 95 ක් සහ  ආයතන 780 ක් අතරින් ජයග්‍රහණයට පත් විය.

අග්‍රාමාත්‍යවරිය මෙහිදී ආචාර්ය නදීශා චන්ද්‍රසේන වෙත සිය ශුභාශිංසන එක් කළ අතර අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ද මේ අවස්ථාව සඳහා සම්බන්ධ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *