‘‘නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා‘‘ -ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්

එදාවේල සරි කර ගැනීමට නොහැකි වුවද තම ජීවිත ගැන සිතා පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නිරත නොවන්නැ’යි සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනවලට අනුව ඉදිරි දින කිහිපය තුළදී පුත්තලම සිට පොතුවිල් දක්වා කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ත් 70ත් දක්වා ඉහළ යා හැකි අතර, මුහුදේ රළ මීටර 2.5 සිට 3 දක්වා ඉහළ නැගීමේ අවදානමක් පවතින බවද ඔහු කීය.

එබැවින් නැවත දැනුම්දීමක් කරන තුරු එම අවදානම් සහිත ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසද අනෙකුත් ප්‍රදේශවල ධීවරයන්ද කාලගුණික තත්ත්වයන් පිළිබඳව නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙසද කහවත්ත මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *