අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට ඇතුල්වන කලුගල මාර්ග බාධකයේදි සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂාවල වාර්ථා මත 22වන දින නව කොවිඩ් ආසාදිතයන් 08 දෙනකු හදුනා ගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසනවා.
එම නව කොවිඩ් ආසාදිතයන් අට දෙනාගෙන් ලිදුල ප්‍රදේශයෙන් 05 දෙනකුද, අඹගමුව, කොටගල, මස්කෙළිය, යන ප්‍රදේශවලින් එක් අයකු වශයෙන්ද හදුනාගෙන ඇති බවද ඔහු පවසනු ලැබුවා.
කලුගල මාර්ග බාධකයේ සිදු කරන අහඹු පි. සි. ආර්.පරික්ෂන මත මේ වන විට කොවිඩ් ආසාදිතයන් 75 දෙනකු හදුනාගෙන ඇති බවත් මෙම සියලුම දෙනා බස්නාහිර පලාත ඇතුළු විවිධ ප්‍රදේශවල සිට මෙම ප්‍රදේශයට පැමිනි පිරිස් බවද කාමදේවන් මහතා වැඩි දුරටත් පැවසුවා.
එමෙන්ම අලුතින් හදුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ලගම ආශ්‍රිතයන් සොයා ඔවුන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු තව දුරටත් සඳහන් කළා.