අසාද් සාලි මුදාහරින්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.

මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවා තිබුණි.

මෙම නඩුවේ සැකකරු විසින් මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයකට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බව මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එම නඩුව අංක දෙක මහාධිකරණය ඉදිරියේ ලබන නොවැම්බර් මස විභාගයට ගැනීමට නියමිත බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *