අලුත් අගමැතිවරයෙකුට සූදානම් වන්නැයි මහින්ද කාර්ය මණ්ඩලයට පවසයි.

අලුත් අග්‍රාමාත්‍යවරයෙකුට සේවය කිරීමට සූදානම් වන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් මුළුතැන්ගෙයි කාර්යමණ්ඩලයට පවසා ඇති බව අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කරයි.

ඊයේ දිනයේ අරලියගහ මන්දිරයෙන් මුළුතැන්ගෙට ගොස් ඇති අග්‍රාමාත්‍යවරයා කාර්ය මණ්ඩලය සමග සුහද කතා බහක නිතර වෙමින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද පසුව නව අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයට එනු ඇති බව සඳහන් කර ඇතැයි එම වාර්තාවන්හි සඳහන් වෙයි.

තමනට සේවය කලාක් මෙන්ම නව අගමැතිවරයාට ද හොඳින් සේවය කරන්නයි ඔහු එම කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වැඩිදුරටත් කියා සිටියි.

නව අගමැතිවරයකු පත් වන්නේ රට දැනට මුලදී තිබෙන අර්බුදයෙන් බේරාගැනීම සඳහා බවත් කිසිදු දේශපාලන ගැටුමක් එහි නැති බවත් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පවසා ඇතැයි ද වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක්ගෙන් කළ විමසීමකදී ඔහු එම පුවත තහවුරු නොකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *