හඳුන්නෙත්ති

අල්ලස් නඩුව ගැන විමල් කට අරී

තමාට එරෙහි අල්ලස් නඩුවට ඉදිරියේ දී පෙනී සිටින බව ‍විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසයි.

ඔහුට එරෙහි ව කොළඹ මහාධිකරණයේ පවතින නඩු විභාගය සඳහා අසනීප තත්ත්වයක් බව සඳහන් කරමින් වරින් වර පෙනී නොසිටීම හේතුවෙන් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර ගැනීමට නොහැකි වී ඇති බවට අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබිණි.

පසුගිය සිකුරාදා පැවති නඩු විභාගයට ද විත්තිකාර මන්ත්‍රිවරයා උණ, වමනය හා පාචනය ආදී රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව සඳහන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.

පාදුක්ක ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ, තමා මේ වන විට සුවෙන් පසු වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *