අල්ලන්නත් කලින් දමිතා යුවල ඇප ඉල්ලයි

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට අපේක්ෂිත ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් නීතිඥ තරිඳු වික්‍රමනායක මහතා මෝසමක් මාර්ගයෙන් අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් ගොනු කළේය.

පොලිස්පතිවරයා මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇතත් 2754/23 චක්‍ර ලේඛනයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ හැක්කේ මිලියන 25 ට වැඩි වංචා පැමිණිලි පමණක් බව දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා ප්‍රකාශ කළේය.එසේම මෙම පැමිණිල්ල පරිගණක අපරාධ අංශයට යොමුකර ඇත්තේ ඇයිදැයි සිතාගත නොහැකි බවද අජිත් පතිරණ මහතා පැවැසුවේය.

ඒ අනුව අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයේ විමසීම අවසන් වනතෙක් වරෙන්තුවක් නොමැතිව දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අත් අඩංගුවට නොගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට එළඹෙන 6 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පිස්කල්වරයා මාර්ගයෙන් නොතීසි නිකුත් කිරීමටත් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *