අයි. එස්. සංවිධානය පිළිබඳව වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත පිළිබඳව බිය නොවිය යුතු බව පොලීසිය පවසයි.

IS සංවිධානයට සම්බන්ධ වට්ස්ඇප් කණ්ඩායමක් පිළිබඳ සමාජ මාධ්‍යජාල මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසන්නේ අදාළ වට්ස්ඇප් පණිවුඩය තහවුරු නොවූ කරුණක් පිළිබඳව සඳහන් වූවක් බවය.

ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරක් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් යොමු කළ දැනුම්දීමක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙවැනි දැනුම්දීම් පොලිස් දෙපාර්තමේන්තුව තුළ සාමාන්‍යයෙන් සිදුවන බව පෙන්වා දෙන නිහාල් තල්දූව මහතා අදාළ පණිවුඩයේ සඳහන් කරුණු නිශ්චිතව තහවුරු වී නොමැති බව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *