අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් ඉවත් කෙරේ

පසුගිය රජය සමයේ පක්ෂපාතී අන්දමින් පොලිස් විමර්ශන සිදු කරමින් රාජකාරී කටයුතු සිදුකළ දූෂිත නිලධාරීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව
මේ මස අවසන්වන වීමට පෙර මෙම දූෂිත නිලධාරීන් පිරිස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත්කිරීමට කටයුතු කෙරෙනු ඇති බවට වාර්තා වේ.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ පසුගිය රජය සමයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අවශ්‍යතාවන් මත අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පක්‍ෂග‍්‍රාහී අන්දමින් සිදු කළ පහළ ශ්‍රේණිවල බොහෝ නිලධාරීන් තවමත් එම දෙපාර්තමේන්තුව තුළ සිටින බවයි.

මෙම නිලධාරීන් ඇතැම් විමර්ශන කටයුතු දේශපාලන අවශ්‍යතා මත ද ඇතැම් ඒවා මුදල් ලබාගෙන සහ වෙනත් වරදාන වරප‍්‍රසාද ලබාගෙන ඉතාම පක්‍ෂග‍්‍රාහී අන්දමින් සිදු කළ බවට චෝදනා එල්ලවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *