අනුර යාපා නව සන්ධානයේ නායකත්වයට?

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා විසින් ආරම්භ කර ඇති නව සන්ධානයේ නායකත්වයේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාට පවරා ඇති බව ලාන්සා මන්ත්‍රීවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.

විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමේ බලය ඇතුළු සියලු වගකීම් යාපා මන්ත්‍රීවරයාට පැවරීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලංසා සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් ඉදිරිපත් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

යාපා මහතා පත්කරනු ලැබුවේ නව සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි. නව සන්ධානයේ නායකත්වය වයඹට ගොස් ඇති බවට අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇති බවද වාර්තා විය.

කොළඹ, පුත්තලම ඇතුළු දිස්ති‍්‍රක්කවල ප‍්‍රාදේශීය දේශපාලඥයන් කිහිප දෙනෙකු මෙම සන්ධානයට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලංසා මහතා සමග රූපවාහිනී විවාදයකට යාමේ අදහස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රතික්ෂේප කර ඇති බවද අනාවරණය විය.

නව සන්ධානය ළඟදීම තමන්ගේම භික්ෂු සංවිධානයක් පිහිටුවීමට ද සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *