අන්තර්ජාලයේ අසත්‍ය ප්‍රචාර පැතිරවූ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට

රාජ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බවට අසත්‍ය ප්‍රචාර පැතිරවීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නමැති ආයතනයක සභාපතිවරයා ලෙස කටයුතු කරන අයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *