අධිවේගයේ දමා ගිය සැක මෝටර් රථය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක හා බෙලිඅත්ත අතර කිලෝ මිටර 140 කණුව ආසන්නයේ  දොරගුළුලා අත්හැර ගොස් තිබූ සැකකටයුතු අති සුඛෝභෝගී මෝටර්රථයක් සිය භාරයට ගෙන තිහගොඩ පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය කියයි

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සිදුකරන ලද දැනුම් දීමකට අනුව අපරැක්ක අධිවේගී මාර්ගරථවාහන පොලිසියේ නිලධාරීන් මෙම මෝටර් රථය සොයාගෙන වැඩිදුර විමර්ශන සඳහා තිහගොඩ පොලිසිය වෙත භාර දී තිබිණි

එම මෝටර් රථය තුළ තිබූ ටිකට් පතින් එය දොඩංගොඩ පිවිසුමෙන් ඇතුළු වී මත්තල දෙසට පැමිණ ඇති එකක් බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි

එහි ලියාපදිංචි අංකය අනුව සිදුකළ මූලික විමර්ශනවලදී එම ලියාපදිංචි අංකයටම රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයකුට මෝටර් රථයක් තිබෙන බවත් අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි

එම මෝටර් රථයේ සහ මෙම මෝටර්රථයේ ලියාපදිංචි අංකයන් සමාන වුවත් එන්ජින් අංකය වෙනස් බව පොලිසිය කියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *