අධික වේගයෙන් ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක් පෙරළීමෙන් වාහන කිහිපයකට හානි, පස් දෙනෙකුට තුවාලයි

අධික වේගයෙන් ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව පෙරළී යෑමෙන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරුපැදි දෙකක් සහ තවත් මෝටර් රථයකට හානි සිදුව තිබේ.

ඩිෆෙන්ඩර් රථය පෙරළී යෑමෙන් මාර්ග සංඥා පුවරුවක් සහ අසල තිබූ වෙළෙඳ සැලකට ද හානි සිදුවිය.

මහියංගනය 20 කණුව ප්‍රදේශයේදී ඊයේ සවස එම අනතුරු සිදුව ඇත.

අනතුරෙන් තුවාල ලැබූ 5 දෙනෙකු මහියංගනය රෝහලට ඇතුළත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *