ඊයේ ආසාදිතයින් හමු වූ ප්‍රදේශ

මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් -19 ආසාදිතයින්ගෙන් ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

එම සංඛ්‍යාව 561කි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 40,788ක් දක්වා ඉහළගොස් තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වී තිබුණේ නිට්ටඹුව, බියගම, මිනුවන්ගොඩ, මීගහවත්ත යන ප්‍රදේශවලිනි..

මීට අමතරව ඊයේ දිනයේදී මෙරට දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතයින් වාර්තා විය.

කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල, වැලිකඩ, මොරටුමුල්ල සහ මොරටුව යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණි.

කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, අගලවත්ත යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා විය

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 528ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 313 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ බස්නාහිර පළාතෙන් කොවිඩ් -19 දෙවන රැල්ල ආරම්භයෙන් පසු වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 117,955කි.

මීට අමතරව යාපනය දිස්ත්‍රික්කයෙන් 111 දෙනෙක්, කෑගල්ල 105ක්, කුරුණෑගල 98ක්, මහනුවර 97ක්, ගාල්ල 76ක්, මඩකලපුව 73ක්, රත්නපුරය 64ක්, කිලිනොච්චිය 58ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් 50 දෙනෙකු ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, නුවරඑළිය,හම්බන්තොට, බදුල්ල, මුලතිව්, ත්‍රිකුණාමලය, මාතලේ, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් වාර්තා වී ඇත.

කොව්ඩ් -19 ආසාදිතයින් 2,340 දෙනෙකු ඊයේ දිනය තුළ හඳුනාගෙන තිබේ.

ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 221,277කි.

ඒ අතරින් 186,516 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇත.

ආසාදිතයින් 32,688 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

තවත් කොවිඩ් ආසාදිත මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද දිනයේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,136 දක්වා ඉහළගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *