අද සිට දුරකථන බිල්පත් ඉහළට…

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද දැනට පවතින 11.25% සිට 15% දක්වා වැඩි කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) නිවේදනය කරයි.

රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා එම බද්ද වැඩි කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

ජංගම දුරකථන සේවා සපයන්නන් හෙට සිට මාසික සම්බන්ධතා ගාස්තුව වැඩි කිරීමට දැනටමත් පියවර ගෙන ඇති අතර පෙර ගෙවුම් පරිශීලකයින්ට ඔවුන් රීලෝඩ් කරන ප්‍රමාණයන් සඳහා අඩු දත්ත ප්‍රමාණයක් සහ ඇමතුම් වේලාවන් ලැබෙනු ඇත.

එකතු කළ අගය මත බද්ද (VAT) ද 8% සිට 12% දක්වා ඉහළ දැමීම හේතුවෙන් ජංගම දුරකථන ගාස්තු තවදුරටත් ඉහළ යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *