අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 135ක් (UPDATE)

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව අද (26) දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 135ක් වේ. දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වේ.

———————————————————————————————————————-

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාධිතයින් ගණන අද දිනයේ වාර්තාවේ (at 19:20)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1278ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

අද (27) දිනයේ පස්වරු 7 පමණ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 96 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ මෙරටින් දිනක් තුල වාර්තාවූ වැඩිම රෝගීන් සංඛාවයි.

මෙම රෝගීන් 96 දෙනාගෙන් 88 දෙනෙකුම කුවේට් සිට පැමිණි පුද්ගලයින් වන අතර ඉතිරි 08 දෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් දන්වා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *