අද දැනට ආසාදිතයින් 2,423ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,423 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 350,693ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර කොවිඩ් -19 ආසාදිතයින් නිවෙස් තුළම වෛද්‍ය අධීක්ෂණය යටතේ රැකබලා ගැනීමේ වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පෙන්වාදෙන්නේ ඉදිරි දින කිහිපය තුළ එම වැඩසටහන දීපව්‍යාප්තව සිදුකිරීමට සැලසුම් කර ඇති බවය.

කොවිඩ්  -19 ආසාදිතයින් නිවෙස් තුළම වෛද්‍ය අධීක්ෂණය යටතේ රැකබලා ගැනීමේ වැඩපිළිවෙල මේ වනවිට බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වේ.

ආසාදිතයින් 11,000කට අධික පිරිසක් මේ වනවිට එම වැඩපිළිවෙල යටතේ රැකබලා ගැනීම සිදුවන බවද වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *