අද කාලගුණය

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින්විට පැ.කි.මී. 40ත් 50ත් පමණ දක්වා වැඩි විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *