අතුරුදන් වූ දරුවා දෙමවුපියන් හමු වේ

අතුරුදන්වී සිටියදී සොයාගත් රත්නපුර ප්‍රදේශයේ 14 හැවිරිදි දරුවා ඊයේ රත්නපුර පොලීසියේදී සිය දෙමව්පියන් හමුවිය.

ඔහු රත්නපුර, මලංගම, ආටිගල මාවතේ පදිංචි 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි.

ඊයේ සවස් කාලයේ දී කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ මාර්ග බාධකයක දී එම දරුවාව පොලිස් භාරයට ගෙන තිබුණි.

මීට පෙර එම දරුවා සිරිපා වන්දනා කිරීම ද වාර්තා වු බව පොලීසිය පැවසීය.

නුවන්ත ලක්ෂාන් අබේරත්න නැමැති එම දරුවා ඉකුත් 24 වනදා සිට අතුරුදන්වී ඇති බව පවසමින් දෙමාපියන් විසින් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත් එම දරුවා නිවසින් බැහැරව යන ආකාරය අසල වු CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.

පොලීසිය සඳහන් කළේ එම දරුවාව අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *