අටළුගම ළමා මරණය සම්බන්ධයෙන් 29 හැවිරිදි අයෙක් අත්අඩංගුවට…

ප්‍රදේශයෙන් අතුරුදන් වූ බව කියන 9 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දරුවා ඝාතනය කළ බවට සැකකරු පාපොච්චාරණය කර ඇති බවත්, ඔහු අද අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය සඳහන් කළේය.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව වින්දිත දැරිය දූෂණයට ලක්ව නොමැති බවයි.

සිකුරාදා (27) නිවසට ආසන්නයේ පිහිටි වෙළඳසැලකට ගොස් නිවසට නොපැමිණීම හේතුවෙන් දරුවා අතුරුදන්ව ඇති බව ඇගේ දෙමාපියන් විසින් පැමිණිලි කර ඇත.

බණ්ඩාරගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර පසුවදා (28) දැරියගේ නිවස අසල වගුරු බිමක තිබී දරුවාගේ සිරුර සොයා ගෙන ඇත.

දැරිය වෙනත් ස්ථානයක ඝාතනය කර මළ සිරුර තිබූ ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට සැක කරන බවයි පොලිසිය පැවසුවේ.

මෙම දැරිය සිය නිවසේ සිට මීටර් 150ක් පමණ දුරින් සීසීටීවී කැමරා නොමැති සිද්ධියකට මුහුණ දී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් කණ්ඩායම් මීට පෙර අනාවරණය කරගෙන තිබුණා.

වැඩිදුර විමර්ශන වලදී අත්අඩංගුවට ගෙන ඇත්තේ අටළුගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *