ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ උත්සව සඳහා සහභාගී වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පිලිපීනයේ මැනිලා නුවරට නිල සංචාරයක් සඳහා පිටත්ව ගියාය.
මැනිලා හි නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි අග්‍රාමාත්‍යවරයා පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා මහතා සහ පිලිපීන රජයේ නිලධාරීන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් විසින් පිළිගනු ලැබූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසීය.
මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරයා මැනිලා හි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා දින උත්සවයකදී ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.


