හෙද සේවයේ 515කට තව පුහුණුවක්

රෝහල් පද්ධතිය කලමණාකරණය කර ගනිමින්, රෝගියාට ඉහළම රෝගී සත්කාර සේවාවක් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය මහත්තය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කීවේ හෙද සේවාවේ වාට්ටු කලමණාකරණ සහ අධීක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා හෙද හෙදියන්  515 දෙනෙකු පුහුණුවට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවයේදීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ දී මෙය පැවැත්විණි.

සායනිකව විශේෂිත වූ පූර්ණ කාලීන ඩිප්ලෝමා පාඨමාලා සහ උසස් වීම් ඉලක්ක කර ගත් වසර එකහමාරක පුහුණු පාඨමාලා අතර, වාට්ටු කලමණාකරණ හා අධීක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා හෙද හෙද නිලධාරීන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශය මගින් පවත්වන ලද විශේෂිත තරඟ විභාග ප්‍රතිඵල කුසලතා මත 177 ක් සහ ඡ්‍යෙෂ්ඨතාව මත 338 ක්  වශයෙන් තෝරා  ගැනීම සිදු කර ඇත.

මෙහි දී අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ මෙම පුහුණූවට බඳවා ගැනීමේ පත්වීම්ලාභී හෙද හෙදියන් සියලු දෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝහල්වල සේවය කරන පිරිස් ලෙස දුෂ්කරතා මධ්‍යයේ වුව ද යම් කැපවීමක් සහිතව පුහුණුව ලබාගන්නා පිරිසක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *