සෙව්වන්දිගේ මුහුණු පරීක්ෂණයට අවසර ඉල්ලයි

පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව  ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන  ඉෂාරා සෙව්වන්දී  රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර මුහුණු පරීක්ෂණයක් සිදු කිරීමට අවසර දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා  හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය  ඉල්ලා සිටියේය.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කළ සිව්වන් දී සැකකාරියට සමාන රුවක් ඇතැයි කියන නන්දකුමාර් තක්ෂි සැකකාරිය සහ සෙව්වන්දීට  ඉන්දියාවට පලා යෑමට ආධාර අනුබල දුන් බව කියන අජිත් කුමාර   අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම සිදු කළේය.

කරුණු  සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා  සැකකාර සෙව්වන්දී තවමත් පොලිසියේ  රඳවා ප්‍රශ්න කරන බැවින් අදාළ නියෝගය මේ අවස්ථාවේදී නිකුත් කළ නොහැකි බවත්,සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ ඉල්ලීම් සිදු කරන ලෙසත් පොලිසියට  දන්වා සිටියේය.

අධිකරණයට ඉදිරිපත් කළ තක්ෂි සහ අජිත් සැකකරුවන් වෙනුවෙන්  පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරුවන්ට එරෙහිව ඇති  ආධාර අනුබල දීමේ  චෝදනාව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි පොලිසිය මගින් ඉදිරිපත් කර නොමැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *