ස්විට්සර්ලන්ත තානාපතිනිය පාර්ලිමේන්තුවට ගොස් මැතිවරණ ගැන අසයි

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය සහ  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී සිදුවිය.

මෙරට පැවැත්වීමට නියමිත ඉදිරි  මැතිරවරණ සම්බන්ධයෙන් මෙහිදී ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය කථානායකවරයාගෙන් විමසීමක් කළාය.

එහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා ඇත්තේ ජනාධිපතිවරණය නෛතිකවම දක්වා ඇති පරිදි නියමිත ආකාරයට පැවැත්වෙන අතර  මහ මැතිවරණයද  ලබන වසරේ අදාල කාල සිමාවේ පැවැත්වෙනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *