Tuesday, 3 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සවස් කාලයේ ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසි සහ තාවකාලික තද සුළං: උදෑසන මීදුම ගැනත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

The powerful wind and rain of a hurricane pummel a building.
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

උතුරු-මැද, වයඹ, මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණු යන පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද අද (03) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

මීට අමතරව, දකුණු පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකිය.

උදෑසන මීදුම් තත්ත්වය සහ අකුණු අනතුරු

සබරගමුව, මධ්‍යම සහ ඌව යන පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං මෙන්ම ප්‍රබල අකුණු අනතුරුද හටගත හැකි බැවින්, ඒ මඟින් සිදුවිය හැකි අනතුරු හා හානි අවම කරගැනීමට අවශ්‍ය සියලු පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ඔබේ අදහස