වැවිලි, ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසීය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔහුට පත්වීමේ ලිපිය භාර දෙන ලදී.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ගුණදාස සමරසිංහ මහතා මෙම තනතුරට පත් කරන විට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස සේවය කරමින් සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *