වැලිගම හෝටල් වෙඩි තැබීම: හිටපු පොලිස්පති දේශබන්දු ඇතුළු 9කට අධිචෝදනා

2023 දෙසැම්බර් මාසයේ වැලිගම හෝටලයක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට  මාතර මහාධිකරණයේදී අධිචෝදනා භාරදී තිබේ.

නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධිචෝදනා මාතර මහාධිකරණ විනිසුරු නන්දන අමරසිංහ මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් නවදෙනාට කියවා දී තිබේ.

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් නවදෙනාම ඇප මත මුදාහැරීමට මහාධිකරණය නියෝග කර ඇත.

මෙම නඩුවට පාදක වී ඇත්තේ 2023 දෙසැම්බර් මස අගදී කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) අනුයුක්ත පොලිස් නිලධාරීන් අටදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වැලිගම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකි.

එම මෙහෙයුම අතරතුර, CCD කණ්ඩායම සමඟ සිටි පොලිස් සැරයන්වරයෙකු වැලිගම පොලිසියට අනුයුක්ත නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විමර්ශන සිදු කර තිබේ.

නඩුව යළි නොවැම්බර් 27 වැනිදා මාතර මහාධිකරණයේදී කැඳවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *