ගෑස් සැපයුමේ ගැටලුව සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගමට දොස් පැවරූ රජය, මේ සතියේ සාකච්ඡාවක් සඳහා එහි නිලධාරීන් කැඳවා ඇති බව ඊයේ වාර්තා විය.
වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මාධ්‍යයට පැවසුවේ රජය මෙම සතියේ රැස්වීමක් සඳහා ලාෆ්ස් ගෑස් නිලධාරීන් කැඳවා ඇති බවයි.
ගැටලුව වන්නේ ලිට්රෝ ගෑස් මෙන් නොව ලාෆ්ස් ගෑස් සැපයුම්කරුවන් සමඟ වාර්ෂික ගෑස් සැපයුමක් සඳහා ගිවිසුමකට එළඹ නොමැති වීමයි. මේ නිසා එහි සැපයුම ස්ථාවර කිරීමට නොහැකි වී තිබේ. අපි ලාෆ්ස් ගෑස් නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති අතර මේ සතියේ තවත් සාකච්ඡාවක් සඳහා ඔවුන් කැඳවා ඇති බව අමාත්‍යවරයා පැවසීය.
වෙළඳපොලේ ගෑස් හිඟයක් ඇති නොවන බව සහතික කිරීම සඳහා සියලු පියවර ගන්නා බවට අමාත්‍යවරයා සහතික විය.
එසේම, ලිට්රෝ ගෑස් සමාගම ඊයේ වෙළඳපොළට ගෑස් සිලින්ඩර 80,000 ක් නිකුත් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.


