‘‘ලංකාවේ නමින් කිසිදු යානයක් නෑ‘‘ – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය

ලංකාවට අයිති කක්ෂ ස්ථානවල ‘‘සුපිරිම් සැට් වන්‘‘ නමින් හෝ ‘‘චයිනා සැටි 12‘‘ නමින්  කිසිදු යානාවක් පිළිබඳ තොරතුරු වාර්තා වී නැතැයි ජාත්‍යන්තර විදුලි සංදේශන සංගමයේ තොරතුරු අනුව වාර්තා වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.

‘‘සුප්‍රිම් සැට් වන්‘‘ යානය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමේදී යම් දෝෂයක් සිදුව ඇති බවත් ජාත්‍යන්තර විදුලි සංදේශන සංගමයෙන් ලබා ගන්නා තොරතුරු මත පදනම්ව මේ පිළිබඳ සවිස්තර තොරතුරු ඉදිරියේදි හෙළි වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *