ශ්‍රී ලංකා ජාවලින් විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග නවතම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව යළිත් පළමු ස්ථානයට පැමිණ තිබේ.
මීට පෙර කෙටි කාලයක් දෙවැනි ස්ථානයට පත්ව සිටි තරංග මේ වනවිට ශ්‍රේණිගත ලකුණු 1,363ක් ලබාගෙන ඇති අතර, එය දෙවැනි ස්ථානයේ සිටින ජර්මනියේ ජුලියන් වෙබර් ලබා ඇති ලකුණු 1,342ට වඩා ලකුණු 21ක ඉදිරියකි.
ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් ලකුණු අනුව තෙවැනි ස්ථානයේ පසුවෙයි.
මේ අතර, මෑතකදී අවසන් වූ ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී තරංගට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඉන්දියාවේ නීරාජ් චොප්රා ලකුණු 1,301ක් ලබා ගනිමින් හයවැනි ස්ථානයේ පසුවෙයි.


