“රියදුරු බලපත්‍රයෙන් පෞද්ගලික සමාගම් පොහොසත් වුණා”- අමාත්‍ය  බිමල්

රියදුරු බලපත්‍රය අවුරුදු විසි ගාණක් එකම කණ්ඩායමක් මුද්‍රණය කිරීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවී පෙෘද්ගලික සමාගම් පොහොසත්වූ බව වරාය නාවික සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය  බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ අටක් ලබන 18 වැනිදා සිට නිකුත් කිරීමට කටයුතු කරන බවද  ඔහු සඳහන් කළේය.

මේ කාඩ් පතක් ඉදිරියේදී රජය මුද්‍රණය කිරීමෙන් රුපියල් එකසිය හැට හයක් ඉදිරි වන බව අමාත්‍යවරයා කීය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී කාදර් මස්තාන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *