විශ්‍රාමික අයි.පී ගේ නිවසේ ලියුම් පෙට්ටියේ ජීව උණ්ඩ පනස්තුනක්

විශ්‍රාමික පොලිස් පරීක්ෂක වරයෙකුට අයත් මත්තේගොඩ කලාකරු නිවාස සංකීර්ණයේ වසා දමා තිබූ නිවසක ලියුම් පෙට්ටියක සඟවා තිබියදී ටී 56 වර්ගයේ ජීව උණ්ඩ හතලිස් හතක් , හා මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ හයක් සොයා ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.

මත්තේගොඩ බස් නැවතුම්පොළ අසල කලාකරු මහල් නිවාස සංකීර්ණයේ නිවසක් විශ්‍රාමික පොලිස් නිලධාරියාට අයත්ව ඇති අතර එහි කිසිවකු නොමැති නිසා වසා දමා තිබේ.

එහෙත් ඔහු එම නිවසට ලැබෙන ජල හා විදුලි බිල්පත් හා ලිපි පරීක්ෂා කිරීම සඳහා එම නිවසට පැමිණෙන අතර අද උදෑසන ද පැමිණ ලියුම් පෙට්ටිය පරීක්ෂා කිරීමේදී එහි තමා නොදැමූ ඉබ්බෙකු ඊට දමා තිබීම නිසා සැක සිති යාබද නිවසක තරුණයකු සමග ලියුම් පෙට්ටියේ ඉබ්බා කඩා පරීක්ෂා කිරීමේදී ඒ තුළ මෙම ජීව උණ්ඩ තොගය තිබෙනු දැක තිබේ.

ඒ අනුව මත්තේගොඩ මධ්‍යම ඒ ග්‍රාම නිලධාරී වසමේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකාවක විසින් සිද්ධිය පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී ඒ තුළ ටී 56 වර්ගයේ ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ හතලිස් හතක් , හා මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවි සඳහා යොදන ජීව උන්ඩ හයක් තිබී සොයාගත් බව පොලිසිය පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *