පොලිස් මාරුවීම්: හදිසි විවාදයක්

පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම් විශේෂ ගැසට් නිවේදනයකින් පොලිස්පතිවරයාට පැවරීමට එරෙහිව විපක්ෂය කතානායකවරයාට බාර දුන් යෝජනාව පිළිබඳ   සභාව කල් තබන අවස්ථාවේ  හදිසි විවාදයක් පාර්ලිමේන්තුවේදී අද (9)  පැවැත්වීමට නියමිතය.

පොලිසියේ ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම් විශේෂ ගැසට් නිවේදනයකින් පොලිස්පතිවරයාට පැවරීමට විරෝධය පළ කිරීම  සහ  පොලිස් කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු යැයි සදහන් සභාව කල් දමන අවස්ථාවේ යෝජනාවක්  සමගි  ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ සුජීව  සේනසිංහ මහතා කතානායකවරයාට ඊයේ   බාර දෙනු ලැබීය.

මේ යෝජනාව බාරදීමෙන් පසු  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු විසිදෙනෙක්  අසුන් වලින් නැගිට එම යෝජනාව ගෙන මන්ත්‍රීවරයාට සහාය පළ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *