රට සිගරැට් 83ට ලක්ෂ හතක දඩයක්

විදේශිය රටකින් ගෙන්වන ලද දුම්වැටි 83 ක් සන්තකයේ තබා ගැනිම, විකිණිම ඇතුළු චෝදනා හතරකට වරද පිළිගත් වෙළදසල් හිමිකාරිණියකට රුපියල් හත් ලක්ෂයක දඩයක් ගෙවන්නැයි බලන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනෙවිය  නියම කළාය.

බලන්ගොඩ බෙලිහුල්ඔය ඉහළ ගලගම ප්‍රදේශයේ වෙළඳ සැළක් පවත්වාගෙන ගිය 64 හැවිරිදි කාන්තාවකට මෙම දඩ මුදල නියම කෙරිණි.

නීති විරෝධි දුම් වැටි ළඟ තබා ගැනිම, විකිණිම , අදාළ පනත උල්ලංඝනය කරන ලෙස කටයුුතු කිරිම සම්බන්ධයෙන් වෙලදසැල් හිමිකාරියට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *