යුක්තිය මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 638 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථාන පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 164 ක් සහ මිලිග්‍රෑම් 962 ක්, අයිස් ග්‍රෑම් 59 ක් සහ මිලිග්‍රෑම් 504 ක්, කොකේන් ග්‍රෑම් 415 ක්, මාවා ග්‍රෑම් 87 ක් සහ මිලිග්‍රෑම් 925 ක්, මත්පෙති 40 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.ෙ
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 533 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 25 ක්, පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 01 ක් සිටින අතර සැකකරුවන් 04 දෙනෙකු සදහා රදවා තබා ගැනීමේ නියෝග ලබා ගෙන ඇත.


