මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ට මත්ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ලබාදීම සඳහා ඒවා බන්ධනාගාරය තුළට විසි කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(08) දහවල් බේස්ලයින් පාරේ පිහිටි මැගසින් බන්ධනාගාරයේ පැති බැම්ම ආසන්නයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ සැකකරුවන් එම ස්ථානයේදී බන්ධනාගාර පරිශ්‍රය තුළට පාර්සල් දෙකක් විසි කිරීමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් සන්තකයේ තිබූ පාර්සල් දෙක පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22යි මිලිග්‍රෑම් 250ක්, ඈෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2ක්, ජංගම දුරකථන චාජර් දෙකක්, කරාබු යුගළ දෙකක්, ලයිටර් 10ක් සහ කුඩා ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම 29 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් අද(09) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


