මැගසින් බන්ධනාගාරයට තහනම් භාණ්ඩ සහිත පාර්සලයක් විසි කිරීමට උත්සාහ කළ සැකකරු අත්අඩංගුවට

කොළඹ මැගසින් බන්ධනාගාරයේ තාප්පයෙන් තහනම් භාණ්ඩ සහිත පාර්සලයක් ඇතුළට විසි කිරීමට උත්සාහ කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ බන්ධනාගාර තාප්පයෙන් පාර්සලය ඇතුළට විසි කිරීමෙන් අනතුරුව එය පරීක්ෂා කිරීමේදී තහනම් භාණ්ඩ රැසක් සොයාගත් බවයි.

එහි නැවත ආරෝපණය කළ හැකි බැටරි 30ක්, හුණු ග්‍රෑම් 250ක්, දුම්කොළ ග්‍රෑම් 50ක්, බුලත් සහ මාවා තිබී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සහස්පුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *