මාධ්‍ය මර්දනයට හදිසි නීතිය යොදා ගැනීම වැරදියි

මාධ්‍ය මර්දනයට  අද හදිසි නීතිය පාවිච්චි කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

ඔහු මෙසේ පැවසුවේ දිට්වා සුළි කුනාටුවෙන් පසු ප්‍රකාශයට පත් කෙරුණු හදිසි තත්ත්වය දීර්ඝ කිරීමේ  මහජන ආරක්ෂක ආරක්ෂක පනතේයෝජනා සම්මතය  පිළිබඳ  විවාදයේදීය.

දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.

පාර්ලිමේන්තුවේ අයිස් මත්ද්‍රව්‍ය පාලනය කිරීමට දුන්නු උපදෙස් ගැන පුවතක් ලංකාදීප පුවත්පතේ පළවෙනවා. ඒකටත් ඒ අය වරප්‍රසාද කමිටුවට කැඳවලා. ඒක කථානායකතුමාට හොඳ ප්‍රවෘත්තියක්. මෙහෙම ගියොත් ලංකාවේ මාධ්‍ය වලට මොකුත් දාන්න බෑ. මාධ්‍යවේදීන් වරදකාරයෝ බවට පත්වෙනවා. ඇයි මේ හදිසි නීතිය මාධ්‍යවලට පාවිච්චි කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *