මහින්දානන්ද – නලින් අභියාචනයට දින දෙයි

2015 ජනාධිපතිවරණ සමයේ කැරම් බෝඞ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 නීතියට පටහැනි ලෙස මිලදීගෙන දේශපාලන අවශ්‍යතා මත ක‍්‍රීඩා සංගම් අතර බෙදා දීම මගින් රජය රුපියල් 53,000,000 කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවේ වරදකරු කර වසර 20 ක සිර දඬුවම් ලබා සිටින හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ හිටපු සතොස සභාපති නලීන් ප‍්‍රනාන්දු මහත්වරුන් එම දඬුවමට එරෙහිව ගොනුකොට ඇති අභියාචනා පෙත්සම් මාර්තු 09 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

පෙත්සම සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනුකරන ලෙසද පාර්ශ්වකරුවන්ට අධිකරණය නියෝග කළේය.

අගවිනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සළකා බැලිණි.
හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ හිටපු සතොස සභාපති නලීන් ප‍්‍රනාන්දු මහත්වරුන් ගොනු කර ඇති පෙත්සම්වල වගඋත්තකරුවන් වශයෙන් නීතිපති සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *