මහනුවර පාස්පෝට් කන්තෝරුවේ ගැටුම විසඳන්න පොලීසිය මැදිහත්වෙයි

මහනුවර පේරාදෙණිය පාරේ පිහිටි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන කාර්යාලයේ නිලධාරීන් සහ එහි විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණි ජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ජනතාවට ඒ සඳහා නිසි ක්‍රමවේදයක් එහි බලධාරීන් විසින් සකස් කර නොතිබීම හේතුවෙන් එම නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගතව  තිබේ.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට සඳහා පැමිණ සිටි ජනතාව පවසා සිටියේ දිනකට ගමන් බලපත්‍ර 200 ක් නිකුත් කළත් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දෛනිකව දහසකට අධික පිරිසක් එහි පැමිණියත් ද ටෝකන්පත් ලබාදීමේ නිසි ක්‍රමවේදයක් නොතිබීම හේතුවෙන් ජනතාව ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි .

පොලීසිය මැදිහත්ව නොසන්සුන්කාරී වාතාවරණය සමථයකට පත් කොට එහි බලධාරීන්ට දැඩිව පවසා ඇත්තේ ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයේ නිසි ක්‍රමවේදයක් ආයතනය තුළ සකස් කරන ලෙසයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *