මහ බැංකු නිලධාරීන්ට පක්ෂ නායකයන්ගෙනුත් දොස්

ශ්‍රී ලංකා මහා බැංකුවේ සියලු නිලධාරීන්ගේ වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීමේ  තීරණය  සම්බන්ධයෙන් ඊයේ (5) පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී  පක්ෂ නායකයෝ සියලු දෙනා එම බැංකුවේ ප්‍රධානීන් දැඩි ලෙස විවේචනය කළහ.

වැටුප් වැඩි කර ගැනීමේ තීරණය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානිහු පක්ෂ නායකයන්ගේ රැස්වීමට  කැඳවනු ලැබ සිටියහ.

මෙම පක්ෂ නායක රැස්වීම කතානායක මහින්ද  යාපා  අබේවර්ධන  මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු  සංකීර්ණයේදී  ඊයේ(5) පෙරවරු 10.30ට ආරම්භ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *