මත්පැනින් සිගරට්ටුවෙන් වසරකට 22,000 ක් මරැ තුරැලට

දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට මෙරට 22,000 ක් පමණ මිය යන බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීහු සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවැසූහ.

එසේ ජීවිත නැතිවීමෙන් වසරකට රුපියල් කෝටි 22,500ත් – 24,000 ත් අතර මූල්‍යමය පාඩුවක් රටට සිදුවන බවද ඔවුහු පෙන්වා දුන්හ.

සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් ඉකුත් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පිළිබඳ සමාලෝචනයක්ද එහිදී කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *