බෙදීමකට ඉඩ නොදී ජපන් අගමැති ඉල්ලා අස්වේ

පක්ෂය තුළ භේදීමක් ඇතිවීම වැළැක්වීම සඳහන් ජපාන අග්‍රාමාත්‍ය  ෂිගේරු ඉෂිබා මහතා ඉල්ලා අස්වන බව  ප්‍රකාශ කළේය.

පසුගිය ජූලි මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉෂිබාගේ සන්ධානයට ඓතිහාසික පරාජයක් ලැබීමත් සමග අග්‍රාමාත්‍ය ඉෂිබා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඔහුගේ පක්ෂය තුළින්ම මත ඉදිරිපත් විය.

විශේෂයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අන්ත දක්ෂිණාංශිකයන් ඉෂිබාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කළේය.

ජපානයට බාහිරව සහ අභ්‍යන්තරව අභියෝග එල්ල වෙමින් තිබෙන අවස්ථාවක අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වුවහොත් ජපානය තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය විය හැකි බව පවසමින් එම ඉල්ලීම් ඉෂිබා ප්‍රතික්ෂේප කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *