පොලීසියේ වැටුප කැපවීමට ප්‍රමාණවත් නෑ – පොලිස්පති

පොලිස් නිලධාරීන්ගේ වැටුප නිලධාරීන් කරන කැපකිරීමට ප්‍ර මාණවත් නොවන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

පොලිස් අපරාධ කොට්ඨාසයට අනියුක්ත ඇඟිලි සලකුණු නිලධාරීන්, අපරාධ විශ්ලේෂණ නිලධාරීන් හා වෝහාරික  ඡායාරූප ශිල්පීන් අපරාධ විසඳීම සඳහා දක්වන දායකත්වය ඇගයීම වෙනුවෙන් අද (30) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“අපේ  නිලධාරීන්ගේ වැටුප අපේ නිලධාරීන් කරන කැපවීමට ප්‍රමාණවත් නෑ.එ සම්බන්ධයෙන් කැබිනට් අනුකමිටුවක් පිහිටෙව්වා ඒ අනුකමිටුවට අපේ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව වෙනත් වෙනත් ලාභ ප්‍ර යෝජන නොලබන්න පුළුවන් වැටුපක් ඉදිරියේද ලැබේවි. මේ වන විට පොලිස් සේවයට 32000ක් පමණ අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් තමයි සේවය කරන්නේ. මේ අවුරුද්දේ 2500ක්, ලබන අවුරුද්දේ 2700ක් පමණ විශ්‍රාම යාමට නියමිතයි. ඒක අපිට වලක්වන්න බෑ. මේ වසරේ 10000ක් බදවා ගන්න රජය අවසර දී තිබෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *