පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 11 වැනි අදියරට අයදුම්පත් කැඳවයි

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 11 වැනි අදියර යටතේ සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබේ.

අයදුම්පත් 2026 අගෝස්තු 17 සිට සැප්තැම්බර් 27 දක්වා භාරගැනීමට නියමිතය.

2023, 2024 හෝ 2025 වසරවල අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර, විෂයයන් තුනකින් අවම වශයෙන් සරල සාමාර්ථ තුනක් ලබා තිබිය යුතුය.

මීට අමතරව, අයදුම්කරුවන් අ.පො.ස. උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉංග්‍රීසි විෂයට අවම වශයෙන් සරල සාමාර්ථයක් ලබා තිබිය යුතු අතර, පොදු සාමාන්‍ය පරීක්ෂණයෙන් අවම ලකුණු 30ක් ලබා තිබිය යුතුය.

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය වන 2026 සැප්තැම්බර් 27 වන විට වයස අවුරුදු 25 හෝ ඊට අඩු වීමද අනිවාර්ය වේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ උපාධි ප්‍රදානය කරන ආයතන 16ක් මගින් පිරිනමන උපාධි පාඨමාලා 129කට වැඩි සංඛ්‍යාවක් හැදෑරීමට සිසුන්ට අවස්ථාව හිමි වේ. ඉංජිනේරු තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, විද්‍යාව, වාණිජ, මානව ශාස්ත්‍ර සහ කලා ඇතුළු ක්ෂේත්‍ර රැසක් එම පාඨමාලා අතර වේ.

වැඩිදුර තොරතුරු සඳහා:

  • විද්‍යුත් තැපෑල: [email protected]
  • වෙබ් අඩවිය: www.mohe.gov.lk
  • දුරකථන: 070 355 59 70 / 070 355 59 79
  • WhatsApp: 070 355 59 79

නිතර අසන ප්‍රශ්න: studentloans.mohe.gov.lk/loan_application/index.php/login/faq

Leave a Reply

Your email address will not be published. Required fields are marked *