පිල්ලෙයාන්ට සැප්තැම්බර් 1 දක්වා තවදුරටත් රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකදී පුද්ගලයන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 1 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, මෙම ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයන්ට T-56 ගිනි අවි භාවිත කර වෙඩි තබා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

පිල්ලෙයාන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු සැප්තැම්බර් 1 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *