ශ්රී ලංකාවේ නව පිලිපීන තානාපතිවරයා සහ කැනඩාවේ නව මහ කොමසාරිස්වරයා ඇතුළු තනතුරු තුනක් සඳහා සිදුකළ පත්වීම් පාර්ලිමේන්තුවේ උසස් තනතුරු පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ.
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සභාපතිත්වයෙන් මෑතකදී පැවති කාරක සභා රැස්වීමකදී මෙම අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව පිලිපීනයේ ශ්රී ලංකා නව තානාපතිවරයා ලෙස අන්සුල් බානු ජාන් මහත්මිය පත් කිරීමටත්, කැනඩාවේ ශ්රී ලංකා නව මහ කොමසාරිස්වරයා ලෙස චන්දන රෝහණ කුමාර අඹගොල්ල මහතා පත් කිරීමටත් කාරක සභාව අනුමැතිය ලබාදී තිබේ.
මීට අමතරව ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් ආයතනයේ නව සභාපතිවරයා ලෙස නුසිත් කුමාරතුංග මහතා පත් කිරීමටද කාරක සභාව අනුමත කර ඇත.


